ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක් වූ නිෂාන්ති සිවලෝගනාදන් මෙනවිය වෙත සංවර්ධන නිලධාරි පත්වීමක් ප්‍රදානය කිරීම සිදු විය.
ඒ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ය.
විද්‍යා ශිවලෝගනාදන් පදනමේ උප සභාපතිනි ප්‍රවින සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ මහත්මිය සහ විද්‍යා දැරියගේ මව වන සරස්වති ශිවලෝගනාදන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.