අම්පාරේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි

Share

ඊයේ (06) රාත්‍රියේ අම්පාර, බණ්ඩාරදුව පොලිස් වසමේ මායාදුන්න ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවට බණ්ඩාරදුව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 42 ක් වන මායාදුන්න, වැරන්කැටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු නිවස පිටුපස දිය නාමින් සිටිය දී පුද්ගලයෙකු විසින් ගිනි අවියකින් වෙඩි තබා පලාගොස් ඇති අතර මෙම ඝාතනය කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

Read more

Local News