පොළොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයට ගුවන් හමුදාවේ දායකත්වය

Share

ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කදවුර මගින් සිදුකරනු ලබන සමාජ සත්කාර ව්‍යාපෘතීන් අතුරින් එක් ව්‍යාපෘතියක් ලෙස පොළොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ වසර 71ක් පැරණි සුගලා දේවි ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සහ පැරණි පන්තිකාමර ගොඩනැගිල්ලක් ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල බවට ප්‍රතිසංස්කරණය කර 2023 නොවැම්බර් මස 4 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් සිසු අයිතියට පත් කර තිබෙනවා.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය 2023 අගෝස්තු මස 23 වන දින ආරම්භ කර සති 10ක් ඇතුළත ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් PDSS ගුණවර්ධනගේ අධීක්ෂණය යටතේ අවසන් කර තිබෙනවා.

Read more

Local News