වෙළෙඳසැල් කිහිපයක් ගින්නකින් විනාශ වෙයි

Share

මඩකලපුව කල්මුණේ ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටි නිමි ඇඳුම් වෙළෙඳසැලක්, පරණ බඩු වෙඳෙසැලක් පළතුරු වෙළෙඳසැලක් හා වාහන ගරාජයක හදිසි ගින්නක් ඇති බවට කාත්තන්කුඩි පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන්, මඩකලපුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සම්පුර්ණයෙන්ම ගින්න නිවා දමා ඇති අතර ගින්නෙන් තුවාල හෝ ජිවිත හානි කිසිවක් වාර්තා වී නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න ගරාජය දෙස සිට පැතිර ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News