ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බවට අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද (08) ප්‍රකාශ කළා.
මෙරට ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2763 ක් ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, 2021.03.31 දින වනවිට පැවති ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් විභාගය පැවැත්වීමටත්, දැනට රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් අන්තර්ග්‍රහණය මඟින් ඉතිරි පුරප්පාඩු පිරවීමටත්, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව ද පැවසීය.



