මාවනැල්ල පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ උඩමාකඩවර හංදියේ දී මාර්ගය අයිනේ කොළඹ දෙසට නවතා තිබු ත්රිරෝද රථයක් එක් වරම දකුණුපස අතුරු මාර්ගයකට හැරවීමට යාමේ දී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්රිරෝද රථයේ රියදුරු, පිටුපස ගමන් කල රියදුරුගේ බිරිද සහ කුඩා දැරියන් දෙදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු රියදුරු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 44 ක් වූ බදුලුපිටිය, මා කෙහෙල්වල ප්රදේශයේ පදිංචිකරුවෙක්.



