අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට

Share

ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේ දී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අපරාධ නිවාරණ රාජකාරි යෙදී සිටියදී ලද තොරතුරකට අනුව සැකකටයුතු නිවසක් පරික්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 ක් සහ කඩුවක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31, 33, 40 සහ 46 ක් වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

Read more

Local News