රාගම වල්පොල මාර්ගයේ අබේසේකර මාවත හන්දිය ආසන්නයේ දී වල්පොල දෙස සිට කඳාන දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 37 ක් වූ ජාඇල ප්රදේශයේ පදිංචිකරුවෙක්.



