කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Share

අම්පාර පොලිස් වසමේ නවගම්පුර කර්මාන්තපුර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් ඇති බවට අම්පාර පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන්, අම්පාර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්, ගුවන් හමුදා නිලධාරින් හා අපරාධ කළමණාකරණ ඒකකය එක්ව සම්පුර්ණයෙන්ම ගින්න නිවා දමා ඇති අතර ගින්නෙන් තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර දේපල හානි පමණක් සිදුව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ගින්නට හේතුව යකඩ පෑස්සුම් කටයුත්තක දී විසි වූ ගිනි පුපුරු හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News