කොස්වත්ත පොලිස් වසමේ පලුවැල්ගාර ප්රදේශයේ පිහිටි කොස්වතු ඔයේ කඩවල ඇනිකට් එක අසල දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු අතරින් එක් අයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇති බවට කොස්වත්ත පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අතුරුදහන්වූ අය වයස අවුරුදු 23 ක් වූ පලුවැල්ගාර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අතුරුදහන් වූ අය තම මිතුරන් දෙදෙනෙකු සමඟ කොස්වතු ඔයේ කඩවල ඇනිකට් එක අසල දිය නාමින් සිටියදී එකවරම ඇති වූ අධික සැඩ පහර හේතුවෙන් ගසා ගෙන ගොස් මෙලෙස අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් හා නාවික කිමිදුම් නිලධාරින්ගේ සහය ඇතිව අතුරුදහන් වූ අය සෙවීමේ කටයුතු කොස්වත්ත පොලිසිය මගින් සිදු කරනු ලබනවා.



