ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ප්‍රහාරයක් – එක් අයෙක් මරුට

Share

තලවකැලේ පොලිස් වසමේ හෙලිරුඩ් තේ කම්හල ආසන්නයේ දී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට තවත් ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් පහර දී ඇති බවට තලවකැලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

කැපුම් තුවාල ලද තුවාලකරුවන් දෙදෙනෙකු ලිදුල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර අනෙක් තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සදහා නුවරඑළිය රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 22 ක් වු ග්‍රේට්වෙස්ටන් වත්ත, තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News