වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ පොළොන්නරුව – පරාක්‍රම සමුද්‍රයේ ජලයෙන් වගා කෙරෙන ගොවිබිම් සඳහා යල කන්නයට ජලය නිකුත් කිරීම අද (25) සිට සිදුකරන බවයි.
මේ වනවිට පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ 16,100 ක මට්ටමේ පවතී.
මේ අනුව ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල සහ ඇලහැර යන ව්‍යාපාර සඳහා මැයි මස 5 වනදා ජලය නිකුත් කිරීමට පියවර ගනීයි.