රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

වත්තල පොලිස් වසමේ මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ වත්තල නගරයේ දී මීගමුව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකු ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා පුද්ගලික රෝහලකට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටයදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 38 ක් වූ පල්ලිය පටුමග, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News