පොල්ගහවෙල පොලිස් වසමේ පනලිය කළුපාලම ප්‍රදේශයේ දී නානුඔය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක පුද්ගලයෙකු ගැටී මියගොස් තිබෙනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මරණකරු වයස අවුරුදු 60 ක් 65 ක් පමණ වන උස අඩි 05යි අඟල් 05ක් පමණ වන අතර, සුදු කමිසයක් හා නිල් පැහැති කොටු සරමක් හැඳ සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.