රටේ දියුණුව, ජාතික සමගිය අවශ්‍ය නම් එකිනෙකාට චෝදනා කිරීම් නතර කරමු – එය තමාගෙන්ම පටන් ගමු – මනුෂ කියයි

ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලු දෙනාම එකට එක්විය යුතු කාලයක් පැමිණ තිබෙන බවත්, රටේ දියුණුව හා ජාතික සමගිය යම් අයෙක් බලාපොරොත්තුවන්නේ නම් එකිනෙකාට චෝදනා කරමින් නොසිට එය තමාගෙන්ම පටන් ගත යුතු බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ගාල්ල, මාගාල්ල පුරාණ හජ්ජිවත්ත ඉස්ලාම් දේවස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස නම් කිරීමේ සමාරම්භක උත්සවයට අද (19) පෙරවරුවේ සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ඓතිහාසික ඉස්ලාම් දේවස්ථානය පෞරාණික උරුමයක් ලෙස නම් කරමින් ඒ සදහා අවශ්‍ය පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු ආරම්භ කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමේ සමාරම්භය සනිටුහන් කරමින් අමාත්‍යවරයා දේවස්ථානයේ ඉතිහාසය සදහන් පුවරුවක් ද විවෘත කරනු ලැබුවා.

අදාල පුරාවිද්‍යාත්මක ගවේෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසද අමාත්‍යවරයා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙහිදී ඉල්ලා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” ජාතික සමගිය නම් ඔබ අපේක්ෂා කරන්නේ, ඒක ඔබෙන් පටන් ගන්න. ඔබ අපේක්ෂා කරන්නේ දියුණු රටක් නම් ඔබ ඒක ඔබෙන් පටන් ගන්න. මම මගෙන් පටන් ගන්වා නම් කිසිම දවසක තවත් අයෙක්ට චෝදනා කරමින් සිටීමට අවශ්‍ය වෙන එකක් නැහැ.

අපි එකට එකතු වෙලා ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයින් විදියට එකට එකතු වෙන්න ඕන කාලයක් තමයි දැන් ඇවිත් තියෙන්නේ..

අනෙකා ගැන දැනගැනීම සාමූහික සහජීවනයෙන් යුත් රටක් සදහා පදනමකි. අනෙකා, සොහොයුරෙක්, සොහොයුරියක් ලෙස දකින්න පුලුවන් ජනතාවක් රටක ජීවත් වීම ඒ රටේ සෛවරීත්වයට හා අභිමානයට, ජාතික ආරක්ෂාවට, පිටිවහලක් වෙනවා. ඒ වගේ රටක් ශක්තිමත් රටක් කියලා අපි කියනවා.

රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සදහා අපි ඒ වගකීම් භාරගන්නා විටම, අපි මේ වැඩේ පටන් ගත්තේ මගෙන්. එතෙක් තිබුණ පිළිණුවී ගිය දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න මගෙන් පටන් ගන්නවා. මම මගෙන් පටන් ගත්තා. ඒ වගේම ඒ වෙලාවේ වගකීම් භාරගත්ත හැමෝම ඒ අයගෙන් පටන් ගත්තා. ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා. ඒ නිසයි රටක් විදියට අද වන විට නිදහසේ හුස්මක් ගන්න පුලුවන් වෙලා තියෙන්නේ. ගිය අවුරුද්දේ නොවැම්බර්වලට වඩා මේ අවුරුද්දේ නොවැම්බර් වන විට ඔබ නිදහසේ හුස්මක් අරගන්නවා. ඒ ගැන කල්පනා කරලා බලන්න.

මම විශ්වාස කරන, මගේ දර්ශනය මනුෂ්‍යත්වයයි”

Previous article2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය අද
Next articleපැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කතිකාව – 2023