පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කතිකාව – 2023

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන් 2023 නොවැම්බර් 13 සිට 16 දක්වා හවායි හි පර්ල් වරායෙහි පැසිෆික් ගුවන් හමුදා මූලස්ථානයේ පැවති ‘පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කතිකාව 2023’ සඳහා සහභාගී වී තිබෙනවා.

රටවල් 22 ක නියෝජිතයින් පිරිසක් සහභාගී වු මෙම කතිකාව ගුවන් ප්‍රධානීන්ගේ විශාලතම ද්විවාර්ෂික හමුව සනිටුහන් කරන ලද අතර මෙහිදී කලාපීය ආරක්‍ෂක අභියෝගවලට මුහුණදීම සඳහා ගෝලීය තීක්ෂණ බුද්ධිය යොදා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

පැසිෆික් ගුවන් හමුදාපති සහ 2023 පැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ සම්මන්ත්‍රණයේ සත්කාරක ජෙනරල් කෙන් විල්ස්බැච්ගේ නායකත්වය යටතේ කලාපීය ආරක්ෂාව සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සාකච්ඡා පැවැත්විණි.

ඒ අනුව මෙම සම්මන්ත්‍රණයේදී ගුවන් වසම් (Air domain) දැනුවත් කිරීමේ වැදගත්කම, මෑත කාලීන ගැටුම්වලින් උගත් පාඩම්, මානුෂීය ආධාර සහ ආපදා සහන පිළිබඳ සාකච්ඡාවට ලක්වී තිබුණා.

එම සාකච්ඡාවලට අමතරව, ජාත්‍යන්තර හවුල්කරුවන් අතර බැඳීම් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති ආකර්ශනීය සමාජ සිදුවීම් ද මෙම සම්මන්ත්‍රණයට ඇතුළත් විය. ඉන්දු-පැසිෆික්, යුරෝපය, දකුණු ඇමරිකාව සහ උතුරු ඇමරිකාවේ හමුදා නායකයින් එක්රැස් කරමින් සිදු කල මෙම සම්මන්ත්‍රනය කලාපීය අභියෝගවලට විසඳුම් සෙවීමේ වේදිකාවක් වනවා සේම හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමට පිටුවහළක් විය.

Previous articleරටේ දියුණුව, ජාතික සමගිය අවශ්‍ය නම් එකිනෙකාට චෝදනා කිරීම් නතර කරමු – එය තමාගෙන්ම පටන් ගමු – මනුෂ කියයි
Next article6වන වරටත් ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට