අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

තලංගම පොලිස් වසමේ කල්ගොඩ, මීමනගොඩ හන්දිය අසල දී තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 ක්වූ දෙපානම, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Previous articleසැකකටයුතු මරණයක්
Next articleමාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට