මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

දොම්පේ පොලිස් වසමේ දෙමාලගම කටුලන්ද මාර්ගයේ දෙමාලගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයේ වම්පස අයිනේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා එම ත්‍රිරෝද රථයෙන්ම දොම්පේ රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 62 ක් වූ දෙමාලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Previous articleඅයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට
Next articleඅදත් ක්‍රිකට් ගැන වාද විවාද(VIDEO)