අඹු සැමි යුවලක් බස් රථයකින් ඇදවැටෙයි – කාන්තාව මරුට

කොළඹ හලාවත මාර්ගයේ දඩුගම ගුවන් හමුදා මාර්ග බාධකය අසල දී ලංගම බස් රථයක පිටුපස පා පුවරුවේ ගමන් කරමින් සිටි අඹු සැමි යුවලක් පාපුවරුවෙන් බිමට වැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව සීදුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 56ක් වූ අම්බලන්මුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුලත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Previous articleචීන ජනපතිගේ විශේෂ නියෝජිතවරිය ජනපති හමු වෙයි
Next articleසාම සාධක රාජකාරීන් සදහා පිටත්ව යන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය විසිර යයි