සාම සාධක රාජකාරීන් සදහා පිටත්ව යන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය විසිර යයි

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සදහා පිටත්ව යන ශ්‍රි ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණයේ 9 වන කණ්ඩායම විසිර යාමේ පෙළපාලිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින ගුවන් හමුදා කටුනායක මුලික කදවුරේදි අභිමාවනත් අයුරින් පැවැත්විණ.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව 2014 වර්ෂයේ සිට මේ දක්වා සාම සාධක හමුදා මෙහෙයුම් සදහා සක්‍රිය දායකත්ව ලබා දෙමින් තම මුලික රාජකාරින් වන භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, ආහාරපාන/භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සඳහා දායකත්වය දැක්විම යන රාජකාරීන්ට අමතරව අප්‍රිකානු ජනරජයේ සාමය පවත්වා ගැනිම සදහා සංග්‍රාමික මෙහෙයුම් සදහා ද දායකත්වය ලබා දි ඇති අතර එහිදි දැක්වු සුවිශේෂි දක්ෂතාවයන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ පැසසුමටද ලක්විය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සදහා මේ වනවිට ගුවන් හමුදා සාමාජිකයින් 891 දෙනෙකු යොදවා ඇති අතර එමගින් අප රටේ ආර්ථීකය ශක්තිමත් කිරිමට ද දායකත්වය ලබාදි ඇති අතර මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 120 කට වඩා වැඩි මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදීමට ද කටයුතු කර ඇත.

සාම සාධක මෙහෙයුම් රාජකාරින් සදහා පිටත්ව යාමට නියමිත ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා බලඝණය නිළධාරීන් 21 දෙනෙකුගෙන් හා සෙසු නිළයන් 89 දෙනෙකුගෙන් සමන්විත වන අතර බලඝණයේ අණදෙන නිළධාරි ලෙස විංග් කමාණ්ඩර් අසංක රත්නායක නිළධාරිතුමන් කටයුතු කරනු ලබයි.

Previous articleඅඹු සැමි යුවලක් බස් රථයකින් ඇදවැටෙයි – කාන්තාව මරුට
Next articleදිවයින පුරා වැසි තත්ත්වයේ වර්ධනයක්