අකුණු සැර වැදී පාසල් සිසුවෙක් මරුට

Share

අඟුරුවාතොට පොලිස් වසමේ බටගොඩ ප්‍රදේශයේ දී අකුණු සැර වැදීමෙන් තුවාල ලැබූ පාසල් ශිෂ්‍යයෙකු ගල්පාත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට අඟුරුවාතොට පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය සිසුවා වයස අවුරුදු 15ක් වූ බටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සිසුවා තම නිවසේ වැරන්ඩාවේ සිටිය දී මෙසේ අකුණු සැර වැදී ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News