සැකකටයුතු මරණයක්

Share

නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය ප්‍රදේශයේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක රැඳී සිටි පුද්ගලයෙකු ඊයේ (27) තුවාල සහිතව වෛද්‍ය මධ්‍යස්ථානය තුල මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 59 ක් වන පිංනගොල්ලවත්ත, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ රැකියාව සිදුකරන අතර, රාත්‍රි කාලයේද එම ස්ථානයේම නැවතී සිටින බවයි වාර්තා වන්නේ.

මෙම ආයතනයේ දේපල සොරකම් කිරීම සඳහා පැමිණි සොරුන් විසින් සී.සී.ටී.වී. පද්ධතියේ ඩී. වී. ආර්. යන්ත්‍රය සහ මුදල් රුපියල් 7000/- ක් සොරකම් කර ඇති බවට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇති අතර, එම සොරුන් විසින් මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවටද පොලිසිය සැක කරනවා.

Read more

Local News