15 හැවිරිදි දැරියගේ හදිසි තීරණය

Share

පානදුර වෙරළ තීරයට පැමිණි දැරියක් දියඹට ගසාගෙන යන අවස්ථාවේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ උප පොලිස් පරීක්ෂක නිමල් සිරි හා පොලිස් කොස්තාපල් 91046 දසුන් යන නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම දැරියගේ ජීවිතය බේරා ගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතය බේරාගත් දැරිය වයස අවුරුදු 15 ක් වූ කොස්පැලෑන, පොල්පිතිමුකලාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.

දිවි බේරාගත් දැරිය මව වෙත භාර දීමට කටයුතු කර ඇති අතර සියදිවි නසා ගැනීමේ අරමුණින් මුහුදට පැන ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News