විදුලි සැර වැදී තරුණයෙක් මරුට

පදියතලාව පොලිස් වසමේ විහාරස්ථානයක විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 22 ක් වූ පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු විදුලි ජනක කාර්මිකයෙකු ලෙස කටයුතු කර ඇති බවත් විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනක් සඳහා විදුලිය සැපයීම සඳහා පැමිණ එම කටයුතු කරමින් සිටිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට පොලිසිය සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Previous articleබදින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකුට තුවාල
Next articleලන්දේසින් ගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් දිවයිනට(VIDEO)