කිඹුල් ප්‍රහාරයකින් තරුණයෙක් මියයයි

Share

සාම්පූර් පොලිස් වසමේ තොඩුවන්කුලම් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු කිඹුලෙකු ඩැහැගෙන ගොස් ඇති බවට සාම්පූර් පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විට ප්‍රදේශවාසීන් එක්ව එම පුද්ගලයා කිඹුලාගෙන් මුදාගෙන ඇති අතර, ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 20 ක් වන පාඨලිපුරම්, තෝපුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News