රිය අනතුරකින් මාර්ගය අයිනේ ගමන්කල පදික කාන්තාවක් මරුට

Share

කොළඹ ගාල්ල මාර්ගයේ වේනමුල්ල ප්‍රදේශයේ දී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වු මෝටර් රථයක් මාර්ගය අයිනේ ගමන්කල පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව බලපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 51 ක් වූ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News