වැසි තත්ත්වයේ වර්ධනයක්

Share

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයවීමක් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (01) නිවේදනය කළේය.

ඒ හේතුවෙන් උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

නැගෙනහිර පළාතේත් පොළොන්නරුව සහ මුලතිවු  දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ද ඇති වෙයි.

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇදහැලෙයි.

දකුණු පළාතේ උදේ කාලයේදීද වැසි ඇති විය හැකිය.

Read more

Local News