කරංගොඩ දෙස සිට කොටාමුල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක හා විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු රත්නපුර රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 28 ක් වූ කරංගොඩ, රත්නපුරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.