විදුලි සැර වැදී පුද්ගලයෙක් මරුට

හඟුරන්කෙත පොලිස් වසමේ මඩුමාන ප්‍රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 58 ක් වූ මඩුමාන, හේවාහැට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු, වන සතුන්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා තම නිවසෙන් අදින ලද අනවසර විදුලි රැහැනකින් විදුලි සැර වැදී මියගොස් ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Previous articleකුඹුරු වැඩ කරමින් සිටිය දී අකුණු සැර වැදී පුද්ගලයෙක් මරුට
Next articleමිජවුම්ගේ බලපෑම තවදුරටත් – ධීවර කටයුතුවලින් වළකින්න – කාලගුණයෙන් දැනුම්දීමක්