2018 – නැවුම් තේ මංගල්‍යය ලබන 30 වැනි දා

Share

වසර 150 ට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අභිමාණයෙන් සමරනු වස් දකුණු පළාතේ තේ කම්හල් හිමියන් සහ කුඩා තේ ඉඩම් හිමියන් විසින් දෙවන වරටත් ඉතා උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරන 2018 – නැවුම් තේ මංගල්‍යය ලබන 30 වැනි දා පෙ.ව. 8.00 සිට කොටපොල ඓතිහාසික ගැටබරු රාජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

මෙම උත්සවය වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක හා තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.

දකුණු පළාතේ නැවුම් තේ මංගල්‍ය මහෝත්සවයේ අනුශාසක පූජ්‍ය ආචාර්ය කිරින්දේ ආනන්ද හිමියන්ගේ සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු සංවිධායක කමිටුවේ මෙහෙයවීමෙන් එදින පෙ.ව. 8.00 ට කිරිපිඬු ආහාර බුද්ධ පූජාව හා නැවුම් තේ මංජුසා රැගත් පෙරහැර මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිති පරිශ්‍රයේ සිට ආරම්භ කෙරේ.

පෙ.ව. 11.00 ට තිලෝගරු බුදු රජාණන් වහන්සේ උදෙසා සිදු කරන නැවුම් තේ මංගල්‍ය චාරිත්‍රය උඩ මළුවේදී සිදු කිරීමට නියමිත ය. පෙ.ව. 11.30 ට විශේෂ ආශිර්වාද පූජාව රජ්ජුරු බණ්ඩාර දේව මන්දිරයේ දී සිදු කෙරේ.

Read more

Local News