ජා ඇල පොලිස් වසමේ රත්නාවලී ප්‍රදේශයේ දී රුපියල් 6,300,000/- ක මුදලකට ගජමුතුවක් අලෙවි කිරීමට සුදානම් බවට ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබෙනවා.
එහිදී ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 32 වයස්වල පසුවන රත්නපුර හා මහියංගණය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ජා ඇල පොලිසිය වැඩිදුර විර්මශන සිදුකර ගෙන යනු ලබනවා.