රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

අනුරාධපුර පාදෙණිය මාර්ගයේ අඹන්පොල බස්නැවතුම්පල අසල දී පාදෙණිය දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වු යතුරු පැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්‌ගයට ධාවනය වූ තවත් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් එම යතුරු පැදියේ පැදිකරු, පසුපැදිකරුව සිටි බිරිඳ හා දියණිය තුවාල ලබා අඹන්පොල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනෙක් යතුරු පැදියේ පැදිකරුද තුවාල ලබා අඹන්පොල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මරණකරුගේ බිරිඳ හා දියණිය වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 35 ක් වු මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News