සීදුව පොලිස් වසමේ ලියනගේමුල්ල ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 45 ක් වු ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු ලියනගේමුල්ල ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය අවස්ථාවකට සහභාගී වී සිටිය දී පුද්ගලික ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධ වලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකල විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.



