කඩුගන්නාව පොලිස් වසමේ සේනාවල දිස්ත්රික් රෝහල් භූමියේ පිහිටි ගල් බැම්මක් කඩා වැටී පුද්ගලයෙකු එයට යටවී ඇති බවට කඩුගන්නාව පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
විමර්ශන නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් ගල් බැම්මට යට වී සිටි පුද්ගලයා කඩිනමින් හේනාවල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් එම පුද්ගලයා මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 33 ක් වූ ඇල්පිටිකන්ද, බඹරගහඇල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු රෝහල් භූමියේ පිහිටි පැරණි ගල් බැම්මක් ආසන්නයේ ඉදිකෙරෙමින් පැවති අලුත් ගල් බැම්මක ඉදිකිරීම් කටයුතුවල යෙදී සිටින අතරතුර දී පැරණි ගල් බැම්ම කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණ වි තිබෙනවා.



