වැල්ලම්පිටිය පොලිස් වසමේ ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකල වැටලීම් දෙකක දී හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 695 ක් සමඟ සැකකරුවෙකු හා හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 310 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 හා 33 වයස්වල පසුවන ගිරිතලේ හා හලාවත ප්රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.



