තංගල්ල පොලිස් වසමේ ඉහළගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු නාකුළුගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 30 ක් වූ ඉහළගොඩ, මොරකැටිආර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු හා ඔහුගේ ඥාතින් පිරිසක් අතර තිබු පැරණි අමනාපයක් මත ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහරදී ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.



