යුධ හමුදා බුද්ධි අංශ විසින් ලබා දෙන ලද තොරතුරකට අනුව දෙසැම්බර් 08 වන දින අලුයම් කාලයේ දී නීති විරෝධී බීඩි කොළ කිලෝ 2600ක් පමණ තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම නීති විරෝධී බීඩි කොළ තොගය ඉන්දියවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වා ඇති බවට සැක කරන අතර හලාවත ප්‍රදේශයේ සිට මාවනැල්ල දක්වා ලොරි රථයක සුක්ෂමව සගවා ප්‍රවාහනය කරමින් සිටිය දී යුද්ධ හමුදාව, විශේෂ කාර්ය බළකාය එක්ව මාස්පොත ප්‍රදේශයේ දී මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙහි දළ වටිනාකම රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක් පමණ වන අතර මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති ලොරි රථය, රියදුරු සහ තොගය ඉදිරි විමර්ශන කටයුතු සදහා වයඹ සුරාබදු ඒකක විශේෂ විමර්ශන කොට්ඨාශය වෙත බාරදී තිබෙනවා.