මනුෂ්‍ය ඝාතනයක්

Share

වාකරේ පොලිස් වසමේ මාන්කේනි ප්‍රදේශයේ දී කාන්තාවක් පහර කෑමට ලක්ව මඩකලපුව රෝහලට ඇතුලත් කර ඇති බවට සහ ඇය සමඟ සිටි ඇගේ සහෝදරයා පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවට වාකරේ පොලිසියට ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය 06 වන දින කාන්තාව සහ ඇගේ සහෝදරයා මාන්කේනි ප්‍රදේශයේ නිවසක පිහිටි දේවාලයකට පැමිණ ඇති අතර, එහිදී ඇති වූ සිදුවීමක් මත දේවාලය පවත්වා ගෙන යනු ලබන නිවෙස් හිමියා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට පොලිසිය විසින් සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

පහරදීම හේතුවෙන් පිරිමි පුද්ගලයා එම ස්ථානයේදී ම මිය ගොස් ඇති අතර, කාන්තාව මඩකලපුව රෝහලට ඇතුලත්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

මරණකරු වයස අවුරුදු 50 ක් පමණ වන පන්සල පාර, පූණානි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබෙනවා.

Read more

Local News