අද මි.මී.100 ඉක්මවූ වැසි

Share

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලත් ගාල්ලසහමාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ඇතිවිය හැක.

උතුරු, දකුණු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල උදැසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.

ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

Read more

Local News