කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (09) පැය 16ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 11, 12,13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.
අද පස්වරු 05 සිට හෙට පෙරවරු 09 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.



