අපරාධ කිහිපයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

Share

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත කහතුඩුව හංදිය අසල දී ඊයේ (10) කහතුඩුව සහ මොරගහහේන පොලිස් වසම්වල රාත්‍රී කාලයේ නිවෙස් හා වෙළදසැල් බිද මුදල් ඇතුළු දේපල සොරකම් කල සැකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 46 ක් වන කහතුඩුව, පොල්ගඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත ඔහු විසින් සොරකම් කරන ලද ජංගම දුරකථන දෙකක් හා තවත් දේපල කිහිපයක් සොයාගෙන ඇති අතර බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය තවදුරටත් විමර්ශන සිදුකර ගෙන යනු ලබනවා.

Read more

Local News