මසුන් ඇල්ලීම ගිය පුද්ගලයෙක් දියේ ගිලී මරුට

Share

ගල්කිරියාගම පොලිස් වසමේ ඉහළ උල්පත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඉදිගොල්ලෑගල වැවේ මසුන් ඇල්ලීම සදහා පිටව ගොස් නැවත නොපැමිණි බවට ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම පුද්ගලයා දියේ ගිලී ඇති බවට වු සැකය මත කලා වැව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් යොදවා සිදු කළ පරීක්ෂාවේ දී ඔහුගේ සිරුර ඉදිගොල්ලෑගල වැවේ තිබී සොයාගෙන වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 40 ක් වූ ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදාවේ සේවය කල පොලිසිය සඳහන් කළේ.

මරණකරු නිවාඩු ලබා නිවසට පැමිණ සිටින අවස්ථාවේ මෙලෙස ඉදිගොල්ලෑගල වැවේ මසුන් ඇල්ලීමට ගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණ වී තිබෙනවා.

Read more

Local News