රිය අනතුරකින් අවුරුදු 17ක සිසුවෙක් මරුට

Share

පොළොන්නරුව සුංගාවිල මාර්ගයේ කිලෝමීටර් 16 කණුව ආසන්න ප්‍රදේශයේ දී යතුරු පැදියක් වෙනත් වාහනයක් පසු කර යාමට උත්සහ කිරීමේ දී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් යතුරු පැදිකරුවෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 17 ක් වු ජයපුර, සුංගාවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News