ලක්ෂ 13ක කෘෂි රසායන ද්‍රව්‍ය සොරකම් කල පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

නෙදුන්කේනි පොලිස් වසමේ කිරිසුඩ්ඩාන් ප්‍රදේශයේ පිහිටි කෘෂි රසායන ද්‍රව්‍ය වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් කෘෂි රසායන ද්‍රව්‍ය සොරකම් කිරීමක් සම්බන්ධව නෙදුන්කේනි පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර තිබෙනවා.

සිද්ධියට අදාල සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සොරකම් කරන ලද දේපලවලින් කොටසක්ද සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40 ක් වන නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News