මාරක රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

ගලෙන්බිඳුණුවැව කැකිරාව මාර්ගයේ යකල්ල ප්‍රදේශයේ දී කැකිරාව දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිශාවටම ධාවනය වූ ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට යාමේ දී ත්‍රීරෝද රථයේ පිටුපස ගැටී අනතුරුව ඉදිරියෙන් පැමිණි මෝටර් රථයකද ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 23 ක් වූ උඩවැපිකැටිය, අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News