එළඹෙන මාර්තු මාසය වන විට සෑම රාජ්‍ය ආයතනයකම ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට බලාපොරොත්තු වන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.
තාක්ෂණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද (12) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය ආයතනවල ඩිජිටල් මූල්‍ය ක්‍රමය මේ වන විට ආයතන 14කින් ආරම්භ කර ඇති බවයි.



