අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම සඳහා 2024 නව අයදුම්පත් කැඳවීමට පෙර එම ප්‍රතිලාභීන්ගේ අඩුපාඩු නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථීක, කෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
අස්වැසුම් ප්‍රතිලාභ ලබා දීම සඳහා ඉලක්ක ගත අඩු ආදායම්ලාභීන් ප්‍රමාණය මිලියන 02ක් වුවද තවමත් එම ඉලක්කය වෙත ළගා වීමට නොහැකි වී ඇතැයිද ඔහු පැවසීය.



