සුසාන භූමියක් පිරිසිදු කරමින් සිටි පුද්ගලයින් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

මාතලේ පොලිස් වසමේ හුලංගමුව ප්‍රදේශයේ දී බඹරුන් දෂ්ඨ කිරීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මාතලේ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

බඹරුන් දෂ්ඨ කිරීමෙන් රෝහල් ගතකල පුද්ගලයින් අවුරුදු 30 ත් 61 ත් අතර වයස්වල පසුවන හුලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයෙකුගේ භුමිදාන කටයුත්තක් සඳහා ගම්වාසීන් එක්ව සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කරමින් සිටිය දී ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් එහි රැදී සිටි පුද්ගලයින් හට බඹරුන් දෂ්ඨ කර ඇති අතර රෝහල් ගත කල පුද්ගලයින්ගෙන් 06 දෙනෙකු ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් පිටව ගොස් ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News