ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

රට ගොඩ දැමීමේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (13) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

” අද මම මෙම සභාව අමතන්නේ ලොකු සතුටකින්. දැන් අපි බංකොළොත් රාජ්‍යයක් කියන ලේබලය ගලවා ගැනීමේ තීරණාත්මක මොහොතට පැමිණ තිබෙනවා. මේ පිළිබඳ මට ඇත්තේ නිහතමානී සතුටක්. මීට වසරකට පෙර තිබුණේ බංකොළොත් රටක්. මම එදා කිව්වා ලංකා මාතාව සෙළවෙන වැල් පාලමෙන් එගොඩ කිරීමට හැකි වන බව. පාර්ලිමේන්තුවේ බොහෝ අය සහ ජනතාව මට සහාය දුන්නා. මා ගත් බොහෝ තීරණ රටේ ජනතාව අපහසුවෙන් වුවද විඳ ගත්තා. රට බංකොළොත් භාවයෙන් මුදා ගැනීමට දැන් අවස්ථාව ලැබී තිබෙනවා”

Read more

Local News