කහවත්ත පොලිස් වසමේ වෙලේවත්ත, වැල්ලඳුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 71 ක් වූ වැල්ලඳුර, කහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
මරණකාරිය තම දියණිය සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර දියණිය රැකියාව සඳහා පිටව ගොස් නිවසට පැමිණ මව පිළිබදව සොයා බැලීමේ දී නිවස පිටුපසු වැටී සිටින බව දැක පොලිසියට පැමිණිලි කර තිබෙනවා.